STF නිලධාරීන්ට එල්ල වූ ඝාතන චෝදනාවක් ගැන නීතිපති අධිකරණයට දැනුම්දෙයි (නිවේදනය)

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් සඟවා තිබූ ආයුධයකින් පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ ගැනීමේදී නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ මියගිය සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (05) ලිපියක් මගින් අධිකරණයට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

නීතිපතිවරයා එමගින් කියා සිටින්නේ මෙහිදී කිසිදු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවයි.

අහුංගල්ල පොලිස් වසමේ බලපිටිය – බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැලෑබද ප්‍රදේශයක දී සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදු වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ 2022 වර්ෂයේ ඔක්තෝබර් 12 වනදා ගාලු පාරේ අහුංගල්ල තරු පහේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු යි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග ලබා දුන් අතර මෙම නඩුව බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉහත පැහැදිලි කිරීම ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී ඇති බවයි පොලිස් විශේෂ කාර්‍යය බලකාය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම නඩු විභාගය දෙසැම්බර් 10 දක්වා කල් තැබීම ද සිදු කෙරුණා.

මෙසේ ඝාතනයට ලක් වූයේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙක්.

මියගිය සැකකරුගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔහු විසින් තම ඥාතියාව වෙඩිතබා මරා දැමූ බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නඩුව විභාගයට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14