Empty Ad
AFC Banner
Empty Ad

STF නිලධාරීන්ට එල්ල වූ ඝාතන චෝදනාවක් ගැන නීතිපති අධිකරණයට දැනුම්දෙයි (නිවේදනය)

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් සඟවා තිබූ ආයුධයකින් පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ ගැනීමේදී නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ මියගිය සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (05) ලිපියක් මගින් අධිකරණයට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

නීතිපතිවරයා එමගින් කියා සිටින්නේ මෙහිදී කිසිදු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවයි.

අහුංගල්ල පොලිස් වසමේ බලපිටිය – බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැලෑබද ප්‍රදේශයක දී සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදු වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ 2022 වර්ෂයේ ඔක්තෝබර් 12 වනදා ගාලු පාරේ අහුංගල්ල තරු පහේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු යි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග ලබා දුන් අතර මෙම නඩුව බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉහත පැහැදිලි කිරීම ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී ඇති බවයි පොලිස් විශේෂ කාර්‍යය බලකාය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම නඩු විභාගය දෙසැම්බර් 10 දක්වා කල් තැබීම ද සිදු කෙරුණා.

මෙසේ ඝාතනයට ලක් වූයේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙක්.

මියගිය සැකකරුගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔහු විසින් තම ඥාතියාව වෙඩිතබා මරා දැමූ බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නඩුව විභාගයට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?