කඨින පිංකම් නිසා විහාරස්ථාන 45ක පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථාන වෙත

එළඹෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ දී ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට දිවයිනේ විහාරස්ථාන 2,263ක් තෝරාගෙන තිබූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

අද (05) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසුවා.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මාර්ගයෙන් මෙම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගෙන් මේ සම්බන්ධව විමසීමක් කර ඇති අතර, එහිදී විහාරස්ථාන 2,203ක ස්වාමීන් වහන්සේලා එම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් කැමැත්ත පළකර තිබෙනවා.

මැතිවරණය පැවැත්වෙන දිනයේ දී කඨින පිංකම පැවැත්වීම හේතුවෙන් විහාරස්ථාන 45ක සහ වෙනස් හේතුන් නිසා විහාරස්ථාන 15ක ස්වාමීන් වහන්සේලා එම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට කැමැත්ත ලබා දී නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

මේ හේතුවෙන් එම විහාරස්ථානවල ස්ථාපිත කිරීමට තිබූ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානය වෙත මාරු කිරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කඨින පිංකම් කළමනාකරණය කර ගනිමින් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට විහාරස්ථාන ලබාදුන් සියලුම විහාරාධිපති හිමිවරුන්ට සිය ස්තූතිය පුදකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය විමසීම ලබන 14 වන බ්‍රහස්පතින්දා සිදුකරනවා.

  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23