වැට් බදු හා ආදායම් බදු නොගෙවූ ජනක රත්නායකට සිතාසි

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තිස්තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු නොගෙවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිට එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් මස 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (04) නියෝග කළා.

එම සමාගමේ අධ්‍යක්ෂවරයකු මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන යුවළට අධිකරණයෙන් එසේ නියම වුණා.

ඉහත සඳහන් අඹුසැමි යුවළ මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර ඇතත් එම වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බැවින් වගඋත්තරකාර අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම ආයතනය වෙනුවෙන් 2016,2017,2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24 ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව ද නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට දන්වා සිටියා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥයා දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර, වගඋත්තරකාර අඹුසැමි යුවළ වෙනුවෙන් සම්පත් ජයවර්ධන හා රුක්ෂාන් යන නීතිඥවරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29