කිවියන්ට එරෙහි T20 හා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

සංචාරක නවසීලන්තය සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩාලෝලීන් හට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; මෙම තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ නොවැම්බර් 6 වනදා සිට ආරම්භ කරන බවයි.

https://srilankacricket.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට එදින සිට අවස්ථාව ක්‍රීඩා ලෝලීන් හට හිමිවනු ඇති.

එමෙන්ම කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශ පත්‍ර කවුළු ද නොවැම්බර් 07 වනදා සිට විවෘත කෙරෙන බව ද වාර්තා වනවා.

පන්දුවාර 20 තරගාවලිය පැවැත්වෙන දිනවල දී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව අසලින් ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.

නොවැම්බර් 15 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින තරග පැවැත්වෙන දිනවල දී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේ දී ද ප්‍රවේශපත්‍ර මිල දී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ප්‍රවේශ පත්‍ර කවුළු උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘත ව තැබෙනවා.

තරග පැවැත්වෙන දිනයන්හි දී උදෑසන 9 සිට සවස 8 දක්වා මෙම ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත ව තැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26