රනිල්ගේ කාලේ හැම සිකුරාදාම නුවරඑළියෙන් එළවළු බෑග් දෙකක් ජනාධිපති කාර්යාලයට – ජනපති අනුර (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරයාගේ සමය තුළ සෑම සතියකට කාබනික එළවළු කිලෝග්‍රෑම් 60ක් නුවරඑළිය ප්‍රදේශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නුවරඑළිය ජනාධිපති මන්දිරය පිහිටි ඉඩමේ වගාකළ කාබනික එළවළු මෙලෙස සෑම සතියකම ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

තමන් ජනධිපතිවරයා ලෙස පත් වූ පසුවත් එලෙස එළවළු පාර්සල් ජනාධිපති ලේකම් කාර්යාලය ලැබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී මේ පිළිබඳව කරුණු අනාවරණය වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, මින් පසු එලෙස ලැබෙන එළවළු ජනධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට සිටින ආරක්ෂක නිලධාරීන් වෙත බෙදාදීමට නියෝග කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“මම ඇහුවා මොනවා ද මේ එළවළු කියලා, වෙනම කාබනිල වගාවන් කරලා, ඒ කියන්නේ මේ ලොරියේ එන එළවළු පිටකොටුවෙන් අරන් කන්න බෑ ඒගොල්ලොන්ට, ඇයි ඒගොල්ලෝ උඩ, ඒගොල්ලොන්ට වෙනම වවන්න ඕන, වෙනම වවලා හැම සිකුරාදාම කිලෝ හැට ගානේ බෑග් දෙකක් එනවා.”

ජනධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය නගරයේ අද (03) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ රැළියට එක්වෙමින්.

  1. ඒක නම් හරිම ප්‍රශ්නයක්. ජනාධිපතිවරයාට ආහාර ගෙනෙන විට ආරක්ෂිතව ගෙනා යුතුයි.. එළවළු කිලෝ හැටක් නුවරඑළිය ගෙනාවට වංචාවකුත් නෙවෙයිනේ. අනිත් එක එළවළු ටික ආරක්ෂක නිලධාරීන්ට බෙදලා දෙන්නේ ඇයි.

  2. රනිල් ගේ එලවලු සීන් ජනතාව අවශ්‍ය නැත. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයට සත්‍ය සොයාගෙන යුක්තිය ඉටුකර ලංකාවේ දේශපාලනය හසුරවන isis ත්‍රස්තවාදීන් ගෙන් සිංහල හා ද්‍රවිඩ ජනතාව කරනු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09