තෙල්දෙණියේ හොර අංක තහඩු සහිත ජීප් රියේ සිද්ධියට ගාල්තැන්නේ දේවගැතිවරයා අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයක තිබී ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් සොයාගැනීමේ සිද්ධියට කපුමහතෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින අයෙක්.

තෙල්දෙණිය පොලිසිය විසින් පසුගිය පළමු වනදා සොයාගත් මෙම ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථය වසර ගණනාවක සිට පරිහරණය කර ඇත්තේ අදාළ දේවගැතිවරයා බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දා වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම ජීප් රථය සති කිහිපකට පෙර අදාළ ස්ථානයට ගෙනවිත් දැමූ බව දේවාගැතිවරයාගේ පුත්‍රයෙකු පවසා තිබූ අතර, පොලීසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු එසේ ප්‍රකාශ කර තිබෙන බව පසුව අනාවරණය වී තිබෙනවා.

මහනුවර පිලපල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය මෙම ජීප් රථයට ව්‍යාජ ලෙස සවිකර භාවිත කරමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් පරිහරණය කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර සැකකාර දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් ඇති බවත්, කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඒ අතර ඇති බවට ලද තොරතුරු මත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ, අනුව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බවයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15