Empty Ad
AFC Banner
Empty Ad

ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල් ගැන අනාවරණයක්

ආහාර සහ ජලය ගබඩා කිරීම සඳහා දරුවන්ට ලබාදෙන ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල් පිළිබඳව මීට වඩා වැඩි අවදානයක් යොමුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දරුවන් පාවිචිකරනු ලබන ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල්වලින් 75%කට වැසි ප්‍රමාණයක් කෑම සහ ජලය දැමීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි.

යුරෝපය ඇතුළු රටවල් ගනනාවක භාවිතය සදහා තහනම් කර ඇති නමුත් චීනය ඇතුළු රටවල් කීපයකින් මෙරටට ගෙන්වන භාවිතයට නුසුදුසු වතුර බෝතල් සහ කෑම පෙට්ටි දේශීය වෙළඳපොළ තුළ අලෙවි වන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

“දරුවන් සදහා භාවිතයට වෙළදපොළේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටිකවලින් බව වෙළදපොළ නිරීක්ෂණවල දී තහවරු වුණා. භයානකම තත්ත්වය තමයි මේවගේ බිස්ෆීනෝල් A වැනි පිළිකාකරන අඩංගු වෙන්න පුළුවන්. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාර පාන සදහා භාවිත කිරීමෙන් දරුවන්ට පිළිකා වැළදීමේ අවධානම, මදසරුභාවය, ලිංගික දුබලතාවය වැනි ප්‍රජනක පද්ධතිව ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයරු පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්ත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදි ගන්න කියලා සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුණු සඳහන් නොවන හෝ කිසිදු අංකයක් සඳහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අලෙවිකරණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පණතට අනුව නඩු පැවරීමට කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?