ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල් ගැන අනාවරණයක්

ආහාර සහ ජලය ගබඩා කිරීම සඳහා දරුවන්ට ලබාදෙන ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල් පිළිබඳව මීට වඩා වැඩි අවදානයක් යොමුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දරුවන් පාවිචිකරනු ලබන ප්ලාස්ටික් කෑම පෙට්ටි සහ ජල බෝතල්වලින් 75%කට වැසි ප්‍රමාණයක් කෑම සහ ජලය දැමීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි.

යුරෝපය ඇතුළු රටවල් ගනනාවක භාවිතය සදහා තහනම් කර ඇති නමුත් චීනය ඇතුළු රටවල් කීපයකින් මෙරටට ගෙන්වන භාවිතයට නුසුදුසු වතුර බෝතල් සහ කෑම පෙට්ටි දේශීය වෙළඳපොළ තුළ අලෙවි වන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

“දරුවන් සදහා භාවිතයට වෙළදපොළේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටිකවලින් බව වෙළදපොළ නිරීක්ෂණවල දී තහවරු වුණා. භයානකම තත්ත්වය තමයි මේවගේ බිස්ෆීනෝල් A වැනි පිළිකාකරන අඩංගු වෙන්න පුළුවන්. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාර පාන සදහා භාවිත කිරීමෙන් දරුවන්ට පිළිකා වැළදීමේ අවධානම, මදසරුභාවය, ලිංගික දුබලතාවය වැනි ප්‍රජනක පද්ධතිව ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයරු පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්ත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදි ගන්න කියලා සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුණු සඳහන් නොවන හෝ කිසිදු අංකයක් සඳහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අලෙවිකරණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පණතට අනුව නඩු පැවරීමට කටයුතු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56