මාරක රිය අනතුරු 1,818කින් 1,898ක් මිය ගිහින්

2024 ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1,818ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මෙම අනතුරුවලින් පුද්ගලයන් 1,898ක් මියගොස් ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළ අතර, මියගිය පුද්ගලයන් 1,898න් 676ක් පදිකයන් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ රිය අනතුරු 4,133ක් වාර්තා වී ඇති බවත්, සුළු තුවාල අනතුරු 7,146ක් වාර්තා වී ඇත බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ඊට අමතරව මාරක රිය අනතුරු 1,818න් යතුරුපැදිකරුවන් 583ක් මිය ගොස් ඇති අතර, පසුපැදිකරුවන් 128ක්, රියදුරන් 135ක් සහ වාහනවල ගමන් ගත් මගීන් 249ක් මෙන්ම පාපැදිකරුවන් 123ක් ද මියගිය පිරිසට අයත් බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23