ලද තොරතුරකට අනුව පොලිසිය විසින් ලියාපදිංචි නොකළ මෝටර් රථයක් කොට්ටාව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
කොට්ටාව, ලියනගම ප්‍රදේශයේ ගරාජයක තිබී මෙම රථය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන මෝටර් රථයක් කොට්ටාවේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක ඇති බවට පොලිසියට මෙම තොරතුර ලැබී තිබෙනවා
කෙසේ වෙතත් මෙම රථය කවුරුන් විසින් භාවිත කළ රථයක් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, මෝටර් රථය කොට්ටාව පොලිසිය භාරයේ ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1