කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වෙයි

කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල රාජසිංහ විදුහල අසල අද (02) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය අසල පිහිටි නිවසකට කඩා වැදී මෙම අනතුර සිදුව ඇති බවයි රුවන්වැල්ල පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, බස් රථයට සහ නිවසට දැඩි හානි සිදුව තිබෙනවා.

රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්