AFC Banner
Empty Ad
AFC Banner

ඩිජිටල්කරණය සහ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාවේ සහාය දෙන්න – ජනපති ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (01) පස්වරුවේ සිදු වුණා.

ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කෙරනු අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ ද අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේම ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළු පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ද මෙම හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ - එතුමාට යම්කිසි අයුරකින් හානියක් වුණොත් ? #mahindarajapaksha
07:17
Video thumbnail
මාධ්‍යත් රැගෙන ඇමති සුසිල් දෙල්කඳ පොලේ යයි
08:36
Video thumbnail
තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා - 9000ක් මන්ත්‍රීවරු හිටියා ඒත් අපිට කෙලවෙලා
02:16
Video thumbnail
ගමින් ගමට යන නාමල් - කොහොම හිටිය මිනිස්සුද ? මේ... #namalrajapaksha
03:50
Video thumbnail
පාර්ලිමේන්තුව සුද්ධ කරනවා කිව්වාම රනිල් බය වෙලා #nalindajayatissa
03:47
Video thumbnail
තිස්සට ජෙලස් - කෙහෙවත් හිටිය අනුර මේ රටේ ජනාධිපති වුණා #anurakumaradissanayake #sjb
05:47
Video thumbnail
නාමල්ට යකා නගී - "දේශාපන දඩයමකට සූධානම් වෙනවා" #namalrajapaksha #npp
07:09
Video thumbnail
මේ රටේ බිහිවුණ අදක්ෂම විපක්ෂ නායකයා - සජිත් #sajithpremadasa
03:37
Video thumbnail
අගමැතිනි හරිනිගෙන් සැර ප්‍රකාශයක් #hariniamarasuriya #npp #gampaha
04:37
Video thumbnail
හරිනිත් දැන් රනිල් වික්‍රමසිංහ වගේ - පොඩි උද්දච්ච කමක් කටට ඇවිල්ලා
05:50

?