ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම් සය අද (01) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තරගාවලියේ සමාරම්භක තරගාවලියට එක්වන කණ්ඩායම් වන්නේ; කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් වනු ඇති.
මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (ක්‍රීඩකයින් තෝරා ගැනීම) එළැඹෙන නොවැම්බර් 10 වනදා කොළඹ දී සිදු කිරීමට නියමිතයි.
දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
2
+1
+1
1
+1















