මහින්දගේ ආරක්ෂාව ඇත්තටම කප්පාදු කළා ද? – ජනාධිපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව
ද ඔහුට හිමි වනු ඇති.

එමෙන්ම දැනට වාහන 03ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබාදෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇති බවයි ජනාධිපති කාර්‍යාලය නිවේදනය කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා.

ඒ වෙනුවෙන් දැනට සේවයේ නියුතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58