බංග්ලාදේශය ඉනිමක පරාජයකින් බේරීමට කඩුලු 05ක් අතැතිව පීඩනකාරී සටනක

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (31) යි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 576ක් ලබා සිටියදී තරගයේ සිය පිතිකරණ ඉනිම අත් හිටවූවා.

එහිදී විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 201ක් ගොඩනැගූ දකුණු අප්‍රිකාවේ ටොනි ද සොර්සි සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් යන දෙදෙනා ම ටෙස්ට් ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ටොනී ලකුණු 177ක් සහ ස්ටබ්ස් ලකුණු 106ක් රැස් කළා.

ඉන් අනතුරුව 07 වැනි කඩුල්ල වෙනුවෙන් ද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු එක් ව ලකුණු 156ක විශිෂ්ට සබඳතාවක් නොදැවී ගොඩනැගුවා.

වියෑන් මල්ඩර් නොදැඩී ලකුණු 105යි.

සෙනුරන් මුත්තුසාමි නොදැවී ලකුණු 68ක් සහ ඩේවිඩ් බෙඩින්ග්හැම් ලකුණු 59ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් පළමු ඉනිමට ටයිජුල් ඉස්ලාම් කඩුලු 05ක් සහ නහිඩ් රනා එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ බංග්ලාදේශයට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 159කට දැවී ගියා.

තම කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ පිතිකරණයෙන් මොමිනුල් හක් ලකුණු 82ක් ලබාගත් අතර ලකුණු 30 ටයිජුල් ඉස්ලාම් හට හිමිවුණා.

සෙසු සියලුම ක්‍රීඩකයින් ඉතා දුර්වල ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කගිසො රබඩා ලකුණු 37කට කඩුලු 05ක් බිඳ දැමුවා.

ඩේන් පැටර්සන් සහ කේෂව් මහරාජ් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් සෙනුරන් මුත්තුසාමි විසින් බිඳ හෙලුවා.

දෙවැනි ඉනිමට පිතිකරණය පළමු ව බංග්ලාදේශයට භාර කරන්නටයි දකුණු අප්‍රිකානු නායක මාක්‍රම් තීරණය කළේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉනිමක පරාජයකින් බේරීමට දෙවැනි ඉනිමට පිතිකරණය අරඹා ඇති අතර මේ වනවිට ඔවුන් කඩුලු 05ක් දැවී ලකුණු 47ක් ලබාගෙන සිටිනවා.

දෙවැනි ඉනිමේ කඩුලු 04න්; සෙනුරන් මුත්තුසාමි 03ක් සහ පැටර්සන්, මහරාජ් හට කඩුල්ලක් බැගින් හිමිවුණා.

තරගයේ පළමු ඉනිමෙන් බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 369ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?