රජය සල්ලි අච්චු ගැහුවේ නෑ – හැබැයි භාණ්ඩාගාර බිල්පත් විකුණනවා -සුසිල්ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

පවතින රජය මුදල් මුද්‍රණය කිරීමක් සිදු කළා යැයි තමන් නොසිතන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ‘රජය මුදල් අලුතින් අච්චු ගැසුවා’ යැයි පැතිරෙන කතා අවබෝධයකින් තොරව සිදු කරන ඒවා බවයි.

මුදල් මුද්‍රණයකට නොයා රජය පෙර රජයෙන් සම්මත කරන ලද අණ පනත් ප්‍රකාරව ගමන් කරන බවත්; නව මුදල් මුද්‍රණය කිරීමකට යාමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසරයක් නොලැබෙන බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ වන විට මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් මිසෙක පසුගිය කාලය පුරාවටම මුදල් මුද්‍රණය කිරීම් හේතුවෙන් රට තුළ උද්ධමනය ඉහළ ගිය බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ.

නව ආණ්ඩුවක් පත්ව අයවැයක් ඉදිරිපත් කරන තෙක් රජය සිදු කරනුයේ ණය ගැනීමට හැකි සීමාව තුළ කෙටි කාලීන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් රටේ පැවැත්මට අවශ්‍ය මුදල් සපයා ගන්නා බව ද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

අයවැයක් සම්මත නොකර; මුදල් මුද්‍රණය කිරීමට නොහැකි බවත් රජය ගමන් කරන්නේ අතුරු සම්මත ගිණුමෙන් පමණක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

භාණ්ඩාගර බිල්පත් වෙන්දේසි කිරීමෙන් පොළී අනුපාතය ඉහළ යන බවත්; කුඩා ව්‍යාපාරික සමාගම්වලට සිය ව්‍යාපාරික අර්බුද ඇති වන බවත්; ජනතාව අතර මුදල් සංසරණය වීම හැකිළෙන බවත් මෙම මාධ්‍ය හමුවේ දී හෙතෙම කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20