මම මහත්තයා එක්ක සහභාගි වෙනවට එයාලා කැමැති නෑ

ටශ්නි චතුරංගි පෙරේරා බොහෝ දෙනා හඳුනාගන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ‘සීසන් 3’ තරගය එක්ක. ඊට පසු මෑත කාලීනව අපිට ටශ්නි දකින්න ලැබුණේ අලුත් සංගීත කණ්ඩායමක් එක්ක. ඒ තමා ගායිකාවන් හතර දෙනෙක් පමණක් එකතුව සැදූ කොච්චි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට. දැනගන්න ලැබුණු විදියට නම් දැන් කොච්චි සංගීත කණ්ඩායමට ටශ්නි සමුදීලා. ඒ ගැන ඇත්ත නැත්ත වගේම තව බොහෝ දේවල් කතා කරන්න අපි පිනිපලසට ටශ්නිව සම්බන්ධ කර ගත්තා…

කවදාහරි දවසක ගායිකාවක් වෙන්නද හිතුවේ…

එහෙම අරමුණක් මට තිබ්බේ නැහැ. ඉගෙන ගන්න සහ ඒ පැත්තෙන් රැකියාවක් කරන්න ඕනේ කියන පොදු අදහසේ හිටිය කෙනෙක්. නමුත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට සහභාගි වෙලා සිව්වැනි ස්ථානය දක්වා ආ ගමනේදී මට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ආදරය එක්ක මගේ සිතුවිලි සෑහෙන දුරට වෙනස් වුණා.

ටශ්නි ටික කාලයක් නිහඬව ඉඳලා ආයේ ප්‍රේක්ෂකයන් අතරට ආවේ ‘කොච්චි’ කියන කණ්ඩායම එක්ක නේද…

මගේම කියලා නිර්මාණයක් දෙකක් කරලා තිබුණත් එතරම් ඒවා ජනප්‍රිය නොවුණු නිසා. වසර තුනකට පස්සේ මම ආයෙම සංගීත ක්ෂේත්‍රයට එන්නේ මගේ මහත්තයා නිසා. ආයෙම පොඩ්ඩ පොඩ්ඩ සංගීතයට නැඹුරු වෙද්දී උපේඛා අක්කා මට ඇමතුමක් දීලා කිව්වා මෙහෙම ගර්ල්ස් බෑන්ඩ් හදන්න යනවා කැමතිද කියලා. ඒ වෙද්දී කොච්චි කියන නමවත් දාලා තිබුණේ නැහැ. උපේඛා කියන්නේ මම හරි කැමති චරිතයක්. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව මම කැමතියි, අපි වැඩේ පටන් ගමු හොඳටම කරමු කියලා. එහෙම තමා ඒ වෙනුවෙන් මම සම්බන්ධ වුණේ.

ඇයි දැන් එහෙනම් ඒ කණ්ඩායමෙන් ඉවත් වුණේ?

කවුද කිව්වේ… කොහොමද අයින් වුණා කියලා දන්නේ?

දන්න නිසානේ ඇහුවේ, ඇත්තටම මොකක්ද අයින් වෙන්න හේතුව?

අපි කණ්ඩායමක් විදියට ලස්සනට මේ වැඩේ කරගෙන ආවා. ඒ අතරතුර පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් මතු වුණා. ඇත්තම කිව්වොත් අද වෙනකම් මම විදෙස් සංචාර තනියම ගිහින් නැහැ. මේ වෙද්දී මම එහෙම සංචාර දෙක තුනකට පමණයි සහභාගි වුණේ.

ඒ සියල්ලටම උපේඛා අක්කගේ අම්මා, තාත්තා සහභාගි වුණා. මගේ දෙමාපියන් පවා අවසර දුන්නේ ඒ දෙමාපියන්ට මාව භාරදීලා. අද මම විවාහ වෙලා හිටියත් මට තනියම එහෙම සංචාර යන කෙනෙක් නොවන නිසාත් සහ එහෙම යන්න මට වුවමනාවක් නැති නිසා තමා මම කොච්චි කණ්ඩායමෙන් ඉවත් වුණේ.

මොකද ඉදිරි සංචාර කිහිපයකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ අය මගෙන් ඉල්ලීමක් කළා මේ කාලයේ තියෙන ප්‍රශ්න එක්ක තනියම තමා සහභාගි වෙන්න ඕනේ කියලා.

ඒ වෙනුවෙන් මම මහත්තයා සමග සහභාගි වෙනවට ඔවුන්ගේ අකමැත්තක් තිබ්බේ. ඒ හේතුවෙන් මම ඒ අය අපහසුතාවට පත්වෙන නිසා මම කිව්වා අයින් වෙන්නම් කියලා.

මට මගේ පවුල් ජීවිතය ඉතාම වැදගත්. ඒ නිසා මම මගේ මහත්තයා එක්ක තනියම සංගීත ක්ෂේත්‍රයේ ගමනක් යනවා කියලා හිතාගෙන ඒ තීරණය ගත්තා.

එතකොට ටශ්නි වෙනුවට කෙනෙක් යොදාගෙනද කණ්ඩායමට…

ඔව්. මම වෙනුවට ඒ අය වෙන කෙනෙක්ට ආරධනා කරලා තියෙනවා. ඇයත් කැමති වෙලා තියෙනවා. ඉතින් මම ඇයට සහ කණ්ඩායමට සුබ පතනවා.

159083900 288899359322696 3588442385412010910 n

හිත් අමනාපකමක් එහෙම නැහැ…

එහෙම නැහැ. ඉස්සර වගේ නිතර කතා කිරීම් නැහැ. නමුත් කිසිම තරහක් නැහැ. කොහේදී හරි හමුවුණාම අපි කතා කරනවා.

මහත්තයා සංගීතයට සම්බන්ධද?

කොහෙත්ම නැහැ. මහත්තයා ගයාන් විශ්වජිත් ඔහු ව්‍යපාර ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්.

ටශ්නි රංගනයට එකතු වෙන්න කැමැත්තක් නැද්ද…

නැහැ. මට එහෙම ආරාධනා කිහිපයක් ආවා. නමුත් මම දන්නවා මට රඟපාන්න හරි අමාරුයි කියලා. ඒ නිසා මම උත්සහ කරන්නේ දිගටම සංගීත ක්ෂේත්‍රය තුළින් මගේ ගමන යන්න විතරයි. ගායනයට අමතරව ජින්ගල් සහ වෙළෙඳ දැන්වීම්වලට පවා මම හඬ දායකත්වය ලබා දෙනවා.

දැන් පුංචි පුතෙක් ඉන්නවා, කොහොමද ඒ ජීවිතේ?

දැන් පුතාට අවුරුද්දයි මාස හතයි. හරිම සුන්දරයි චේතන් පුතා එක්ක ගෙවෙන කාලය. පුතා නිසා කාර්යබහුලයි. නමුත් පුතාව මගේ වැඩ කටයුතුවලට බාධාවක් නොකරගෙන සියලු කටයුතු හොඳින් කරගෙන යනවා.

162195790 294724205406878 3570875822077684427 n

ටශ්නි ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී, මොකද හිතෙන්නේ?

මට දැන් අවුරුදු 27යි. මම ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ සමාජය තුළින්මයි. මොකද මගේ ජීවිතේ වැටෙන්න ඕනේ හොඳම තැනට මම වැටිලා තියෙනවා. ඒ මම දුර නොහිතා ගත් තනි තීරණ නිසා. ඉතින් ඒ දේවල් මගේ ජිවිතේ අත්දැකීම් කරගෙන අද මම මේ ඉන්න තැන ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ජීවිතේ වැරදුණු තැන් බොහොමයි. හදාගත් තැන් ඊටත් වඩා බොහොමයි. ඒ නිසා කා එක්කවත් තරහා නොවී කාටවත් ඉරිසියා නොකර බොහොම ඉවසීමෙන් මේ ගමන යන්න පුළුවන් නම් ඒක තමා ලබන ජයග්‍රහණය.

අනුෂා රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27