හිටපු රාජ්‍ය ඇමති කාදර්ට අපහාස කළ ව්‍යාපාරිකයෙකුට අධිකරණයෙන් නියෝගයක්

හිටපු ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සිද්ධියත් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් මස 12 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන එන්.එම් ෆාරිස් නමැත්තෙකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළා.

කාදර් මස්තාන් මහතාට එරෙහිව එවැනි ප්‍රකාශ සමාජය මාධ්‍ය ජාලා ඔස්සේ පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පැමිණිලිකාර කාදර් මස්තාන් මහතා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ 24 වගන්තිය ප්‍රකාරව කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරග වදින තමන්ට අපහාසයක් කිරීමේ අරමුණ ඇතිව අදාළ ව්‍යාපාරිකයා තමන්ට එරෙහිව අසත්‍යය ප්‍රකාශ හා හඬපට වට්ස්ඇප්,ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර ඇති බව ද එවැනි අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් “මුසාලි සිවිල් පෝරම්” හා “මුසාලි සිවිල් මණ්ඩාරම්” නමැති වට්ස්ඇප් සමූහය ඔස්සේ මුදා හැර ඇති බවද ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණය මගින් ලබා දී තිබෙන නියෝග වගඋත්තරකාර ව්‍යාපාරිකයාගේ වට්ස්ඇප් සමූහය වෙත යොමු කරන ලෙසට ද රෙජිස්ටාර්වරයාට නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රම්සි භාවා ඇසෝහිසියට් උපදෙස් මත ජනාධිපති නීතිඥ එමි.යූ.එම්.අලි සබ්‍රි හා තලීන් තෆාන්,සුරංග පෙරේරා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32