රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම හා නිරාකරණයට යාන්ත්‍රණයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

අද (29) පෙරවරුවේ මාධ්‍ය ප්‍රකාශක; අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි මේ බව අවධාරණය කෙරුණේ.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 20 වැනි දා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදීයි.

ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය, සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 යටතේ නිකුත් කර ඇති බව ද වාර්තා වනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩනැඟීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ නමැති නව ව්‍යාපෘතිය යටතේ ‘රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන’ සහ ‘පෞද්ගලික හා අවිධිමත් ආර්ථික අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන’ යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 02ක් ලබා දී ඇති බව සඳහන්.

එකී වැඩසටහන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ සම සභාපතිත්වයෙන් යුත් අන්තර් සමායෝජන කමිටුවක් මගින් සම්බන්ධීකරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08