වියට්නාමය හා තායිවානයට කොනිත්තන චීන රේඩාර් සෙල්ලම – චන්ද්‍රිකා රූපත් එළියට

මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ ගල්පර මත චීන නාවික අංශ විසින් රේඩාර් පද්ධතියක් නිර්මාණය කරමින් සිටින ආකාරය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඡායාරූපගත වී තිබෙනවා.

‘ද ගාඩියන්’ විදෙස් පුවත් සේවය පැවසුවේ; චීනය මෙම නව රේඩාර් පද්ධතියෙන් බලාපොරොත්තු වී ඇත්තේ පැරසෙල් දූපත් සමූහයේ සහ ට්‍රයිටන් දූපත් සිය මුරපොළ ලෙස කලාපය තුළ තබාගනිමින් සිය නාවික නිරීක්ෂණ හැකියා සහ බලතල පුළුල් කරගැනීම බවයි.

චීනය පැරසෙල් දූපත් සමූහයේ නිරිතදිග කෙළවරේ ට්‍රයිටන් දූපතේ සිය මුරපොල වැඩිදියුණු කරමින්, නැව් නාශක මිසයිල බැටරියක් දියත් කිරීමේ ස්ථානයක් මෙන්ම නවීන රේඩාර් පද්ධතියක් චීනය විසින් ගොඩනගමින් සිටින බව චැතම් හවුස් විසින් කරන ලද විශ්ලේෂණයකින් ඇඟවෙනවා.

එම විශ්ලේෂණ මගින් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙවැන්නක්;

රහස් ගුවන් යානා යැවීමට සහ රහසිගත ලෙස පිටස්තර ගුවන් යානාවලට තර්ජනය කිරීමටත්; අමෙරිකාවේ ගුවන් කටයුතු සීමා කිරීමටත් සහ අමෙරිකානු මිත්‍ර පාක්ෂිකයින්ට චීන ක්‍රියාව දැඩි සංඥාවක් වනු ඇති බව මිචෙල් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වන මයිකල් ඩාම් ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රයිටන්, හෙක්ටයාර 120ක් පමණ විශාල ගල්පරයක් වන අතර පැරසෙල්ස් මුහුදේ නිරිතදිග කෙළවරේ මෙය පිහිටා තිබෙනවා.

1974 දී වියට්නාමය සමඟ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු චීනය විසින් පාලනය කරන ලද දූපත් සමූහයක් වන මෙයට තායිවානය සහ වියට්නාමය ද හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?