AFC Banner
Empty Ad
Empty Ad

යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා අමුතු වැඩක් කරන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අත්වූ ඉරණම

ඉබ්බාගමුව ප්‍රදේශයේදී සිදුවූ පිපිරිමකින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇති අතර යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය ග්‍රයින්ඩරයකින් කැපීමට යාමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටි තරුණයන් දෙදෙනෙක් මල් වෙඩිල්ලක් සකස් කිරීමට උත්සාහ කිරීමේදී මෙය සිදුව ඇතැයි ද මූලික පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.

තුවාල ලැබූ අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටින බව සඳහන්.

ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමේදී යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ අතක ඇගිලි 4ක් අහිමිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයයි පරීක්ෂණ සිදුකරන්නේ.

කෙසේවෙතත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට කළ ක්‍රියාවක් නොවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?