මහ මැතිවරණයට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් – වැඩිම සංඛ්‍යාව ගම්පහින්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මත පදනම්ව ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකුට පහසුකම් සැලසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් ස්ථාපිත කරන බව සඳහන්.

වැඩිම ඡන්ද දායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් ස්ථාපිත කෙරෙන අතර, එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 1,881,129ක්.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 1,024,240ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 735ක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 90,607ක් බව කොමිසම සඳහන් කරනවා.

එම ඡන්ද දායකයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කෙරෙනවා.

සමස්තයක් ලෙස මෙවර මැතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කෙරෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ක්‍රියාත්මක වනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,430,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20