AFC Banner
Empty Ad
Empty Ad

යාල් දේවිය කලකට පසු අද උතුරට

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරුණා.

ඒ, අනුව එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹමින් යාල් දේවි දුම්රිය අද (28) අලුයම 5.45ට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කළා.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමඟයි මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ; දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේ දී මහජනතාවට සැළකිලිමත් වන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?