AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් වාර්තාවක් ඉල්ලයි

මහ මැතිවරණය පැවැත්වීම සඳහා ගැසට් කර ඇති දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

මෙම නිරීක්ෂණ වාර්තාවට අනුව නොවැම්බර් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ පසුගිය ඔක්තෝබර් 21 වනදායි.

මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ තීරණය සහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් සිදුකර ඇති බවයි පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රියන්ත හේරත් නැමැත්තා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?