AFC Banner
Empty Ad
Empty Ad

පානදුරේ ලැඟුම්හලක සාදයක් වටලා තරුණියක් සමඟ තරුණයින් 21ක් අල්ලයි

පානදුර, රස්කින්දූව ප්‍රදේශයේ නවාතැන්පොළක සංවිධානය කර තිබූ සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් සහ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත පානදුර උතුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පීඩාකාරී අන්දමින් ඩී.ජේ සංගීතයක් භාවිත කරමින් සාදයක් පවත්වන බවට තොරතුරු ලැබුණු බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 19 දෙනෙක් සන්තකයේ තිබී ඈෂ් නැමැති මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතරේ සිටින තරුණිය පොලිස් භාරයේ පසුවන අතර,අනෙක් සැකකරුවන් 21 දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?