AFC Banner
Empty Ad
Empty Ad

ඩඩ්ලිගේ අරලිය සහල් මෝල හදිසි පරීක්ෂාවකට

පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය සහල් මෝල අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළා.

පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂා කිරීම සිදුකර තිබෙනවා.

එහිදී නාඩු වී වල හිඟයක් මේ දිනවල පවතින බවයි එහි කළමණාකාරවරයා පාරිභෝගික සේවා නිලධාරීන්ට පෙන්වා දුන්නේ.

එමෙන්ම අරලිය සහල් මෝල මඟින් නඩු සහල් කිලෝ ලක්ෂයක්, සම්බා සහල් කිලෝ ලක්ෂයක් සහ කීරි සම්බා කිලෝ ලක්ෂ දෙකක ප්‍රමාණයක් දෛනිකව වෙළඳපොළට නිකුත් කරන බව කළමණාකාරවරයා, පාරිභෝගික සේවා නිලධාරීන් සිදුකළ විමසීමේ දී සඳහන් කර සිටියා.

මේ අතරට නඩු සහල් හිඟයකින් තොරව නිකුත් කිරීමට අවශ්‍ය වී තොගවල අඩුවක් පවතින බවයි කළමණාකාරවරයා වැඩිදුරටත් පේනවා දුන්නේ.

පවතින වී හා සහල් තොග සංචිතයන්, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබදව සොයා බැලීම සඳහා මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබෙනවා.

මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙළේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක්කරන බවයි පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් සඳහන් කළේ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?