AFC Banner
Empty Ad
Empty Ad

වීසා නැතිව සිටි රුසියානු යුවළක් හන්තානේ දී අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි විදෙස් ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු ජාතික යුවලක් ඊයේ (26) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, විදෙස් ජාතික පුද්ගලයා වයස අවුරුදු 39ක අයෙක්.

විදෙස් ජාතික කාන්තාව අවුරුදු 32ක තැනැත්තියක් වන අතර, අත්අඩංගුවට ගැනුණු මෙම විදේශීය යුවළ මහනුවර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?