AFC Banner
Empty Ad
Empty Ad

භාරත දේශය පරදා නවසීලන්තයට ඉතිහාසගත ටෙස්ට් තරගාවලි ජයක්

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව තුළ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරන්නට අද (26) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයගෙන් ලකුණු 113ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

2012-13 වසරේ එංගලන්තය කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් පසු; ඉන්දියාවේ දී ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු විදෙස් කණ්ඩායම බවට නවසීලන්තය පත් වෙනවා.

දෙරට අතර පූනේ හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 259ක් සියල්ලන් දැවී රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවට රැස්කර ගැනීමට හැකි වුයේ පළමු ඉනිම සදහා ලකුණු 156ක් පමණයි.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 103ක වාසියක් සමඟ දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 255ක් රැස් කළා.

ඒ, අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියවට සිය දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 359ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට දෙවන ඉනිමේ දී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් නවසීලන්තයට ලකුණු 113ක දැවැන්ත ජයක් හිමි වුණා.

මෙම තරගයේ ඉන්දීය පිතිකරුවන්ට භීතිකාවක් වූ නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් ඉනිමේ දෙකේ දී කඩුලු 13ක් බිඳ දමමින් තරගයේ වීරයා බවට පත් වුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ද ජය ගැනීමට සංචාරක නවසීලන්තයට හැකි වූ අතර, ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස නවසීලන්තය ජයගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?