භාරත දේශය පරදා නවසීලන්තයට ඉතිහාසගත ටෙස්ට් තරගාවලි ජයක්

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව තුළ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරන්නට අද (26) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයගෙන් ලකුණු 113ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

2012-13 වසරේ එංගලන්තය කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් පසු; ඉන්දියාවේ දී ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු විදෙස් කණ්ඩායම බවට නවසීලන්තය පත් වෙනවා.

දෙරට අතර පූනේ හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 259ක් සියල්ලන් දැවී රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවට රැස්කර ගැනීමට හැකි වුයේ පළමු ඉනිම සදහා ලකුණු 156ක් පමණයි.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 103ක වාසියක් සමඟ දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 255ක් රැස් කළා.

ඒ, අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියවට සිය දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 359ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට දෙවන ඉනිමේ දී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් නවසීලන්තයට ලකුණු 113ක දැවැන්ත ජයක් හිමි වුණා.

මෙම තරගයේ ඉන්දීය පිතිකරුවන්ට භීතිකාවක් වූ නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් ඉනිමේ දෙකේ දී කඩුලු 13ක් බිඳ දමමින් තරගයේ වීරයා බවට පත් වුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ද ජය ගැනීමට සංචාරක නවසීලන්තයට හැකි වූ අතර, ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස නවසීලන්තය ජයගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38