අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව් නායකයාට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවට අතර තරගය තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.

ඒ, අනුව පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු රැකීමටයි ඔහු තීරණය කළේ.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර, පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මදුසංඛ අද තරගය සඳහා එක්කර තිබෙනවා.

ඒ, අනුව පසුගිය තරග දෙක සඳහා ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක සහ දුනිත් වෙල්ලාලගේ අද තරගයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති බවයි කොදෙව් නායකයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?