ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

2018 වර්ෂයේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 48ක් ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

අද (26) උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකරන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැපයීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ඊට අමතරව මෙම මැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යවක් යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව අප වාර්තාකරු සඳහන් කළා.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයින් 28 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් සමස්ථ අපේක්ෂකයින් 279 දෙනෙකු තරගයට එක්ව සිටිනවා.

මෙම ඡන්ද විමසීමේ දී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල පාට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද (26) රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17