ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය 19 වනදා සහ 24 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විස්තාරා ගුවන් යානාවල බෝම්බ භීතිය සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම සමාගම සඳහන් කරන්නේ සියලු මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට තම ආයතනය කැපවන බවයි.

එමෙන්ම සිය කළමනාකාරීත්වය අනෙකුත් සේවා සැපයුම්කරුවන් සමඟ ද එක්ව, ගුවන් මගීන් සඳහා ප්‍රමිතියෙන් යුතු සේවාවක් අත්කරදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !