AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද; ජොනීගේ සුව දුක් විමසීමට වැලිකඩට – සාගරත් එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුව දුක් බැලීමට අද (25) පෙරවරුවේ ඒ මහතා පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙරේදා (23) දිනයේ දී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් කොළඹ පිහිටි තරු පහේ හෝටල් පරිශ්‍රයක රථ ගාලේ නවතා තිබියදී සොයාගැනීමත් සමගයි.

මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව උසාවි නියෝග ප්‍රකාරව අත්අඩංගුවට ගෙන; ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මේ අතර අද දහවල් හිටපු අමාත්‍යවරයාව බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11

?