මේනක අයියා කතා කරපු විදිහට මම කැමැති වුණා

සිනමා රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන්ට මුණගැහුණ ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් කාලයක් රංගනයෙන් දකින්න ලැබුණේ නැහැ. දිගු නිහැඬියාව බිඳලා ශ්‍රේෂාද්‍රි පුංචි තිරයෙන්ම අලුත් ආරම්භයක් තියලා. අලුත් ආරම්භය ගැන කතා කරන්න ඇය අපේ කතාබහට එකතු වුණා.

දිගු කාලයක නිහැඬියාව බිඳලා ශේෂාද්‍රි ආයෙත් වැඩ පටන්ගෙන වගේ?

ඔව්. මම අවුරුදු පහකට විතර පස්සේ තමයි ආයෙත් රංගන කටයුතු පටන්ගත්තේ. මේනක රාජපක්ෂ අයියා අධ්‍යක්ෂණය කරන ‘ආලියා’ ටෙලි නිර්මාණයෙන් තමයි ඒ ගමන මම පටන් ගත්තේ. මම හිතපු නැති විදිහට මගේ රංගන ගමන ආයෙත් පටන් ගන්න ඕනේ කියලා හිතුවා.

ඔබ සිනමාවට අලුත් නැහැ. නමුත් පුංචි තිරය ඔබට අලුත් මාධ්‍යයක්?

මම මුලින්ම රංගනයට එන්නේ සිනමාවෙන්. ඒ චැලෙන්ජර්ස් චිත්‍රපටයෙන්. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12ක් විතර වෙනවා. මෙච්චර කාලයක් මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණත් ඒවාට සම්බන්ධ වෙන්න මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. නමුත් මේනක අයියා ආලියා ටෙලි නිර්මාණයට ආරාධනා කළාම මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කැමැති වුණා.

මේ නිර්මාණයම තෝරාගන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති?

මේනක අයියා මට මේ නිර්මාණයට මුලින්ම කතා කළ විදිහට තමයි මම විශේෂයෙන් කැමැති වුණේ. ඔහු මට කිව්වා, මම දන්නවා ඔයා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ කියලා. නමුත් මේ නිර්මාණය කරන්න හොඳයි කියලා හිතුණොත් කතා කරන්න කියලා. මම එතකොට මේනක අයියට කිව්වා පිටපත එවන්න කියලා. ඇත්තටම මට ඒ කතාවටත් ආසාවක් ඇති වුණා. ජීවිතේ බොහෝ දේවල් අහිමි වුණ ඒ නැති වූ දේවල් සොයා යන ආලියා කියන තරුණියගේ චරිතයට තමයි මට සම්බන්ධ වෙන්න තිබ්බේ. ඒ වගේම මේ නිර්මාණයට හොඳ රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ වෙනවා. මේනක අයියගේ පළමු අධ්‍යක්ෂණය මේ නාට්‍ය වුණාට මීට කලින් ඔහු කරලා තිබ්බ කෙටි චිත්‍රපට කිහිපයකුත් මම නැරඹුවා.

sheshadriepriyasad 173695271 741218316550769 5412654771445824682 n

ඔබ කාලයක් නිහඬ වෙලා හිටියා. ඒ ගැන ඔබට දුකක් නැද්ද?

මම නැති වුණ අහිමි වුණ දේවල් ගැන දුක් වෙන කෙනෙක් නෙවෙයි. එහෙම දුක් වෙලා තේරුමක් නැහැ. ලැබුණ දේවල් ගැන මහ ලොකු අධි තක්සේරුවකින් හිතන කෙනෙකුත් නෙවෙයි මම. මම කරන දේ ගැන තෘප්තිමත්.

දැන් දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද?

හොඳ නිර්මාණ තෝරාගෙන කරන්න කැමැතියි. බලමු ඉදිරියේදි. ලැබෙන නිර්මාණ අනුව ඉදිරියේදි එය තීරණය කරන්න පුළුවන්.

පුංචි තිරයේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය නිසා සිනමා නිළියක් කියන අගය අඩු වෙයිද?

මට චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ නිර්මාණ භාරගෙනත් තිබුණා. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා ඒ චිත්‍රපටවල රූගතකිරීම් වසරක් විතර ඉදිරියට ඇදුණා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන නිසා අගය අඩු වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මම ඉස්සර ඉඳලම තේරීමක් එක්ක වැඩ කළ කෙනෙක්.

පෙම්වතා ඔබේ රංගන කටයුතුවලට සීමා දාලා නැද්ද?

ක්‍රිෂාන් මට කවදාවත් අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නැහැ. ඕනම දෙයක් අපේ හිතේ සතුටින් කළොත්නේ සාර්ථක කරගන්න පුළුවන්. ඔහුත් ඒක දන්නවා. අපිට ජීවත් වෙනකොට මානසික නිදහස කියන දේ හරිම වැදගත්. ක්‍රිෂාන් මගේ පවුලේ අය වගේම මට ඒ මානසික නිදහස දෙනවා. මං එයාගේ තීරණවලට ගරු කරනවා වගේම එයත් මගේ තීරණවලට ගරු කරනවා.

රංගන ශිල්පිනියන්ට ක්ෂේත්‍රෙයේ ඔළුව කෙළින් තියාගෙන ඉන්න අමාරුයි. ඒ තරම් විවේචන. ඔබට විවේචන කියන දේවල් දරාගන්න පුළුවන්ද?

රංගනය සම්බන්ධයෙන් කරන විවේචන මම සතුටින් භාරගන්නවා. මොකද අපේ රංගනයට හොඳම කියන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපේ අඩුපාඩුවක් පෙන්වලා දුන්නොත් නිහතමානීව භාරගන්නවා. නමුත් පෞද්ගලික ජීවිතය විවේචනය කරනවට පෞද්ගලික ජීවිතය ගැන කතා ගොතනවට මම කැමැති නැහැ. එහෙම දේවල් විවේචනය කරන අයට මම උත්තර දෙන්නේ නැහැ. ඒ අයව මම එතැනින්ම අයින් කරනවා. මොකද ප්‍රශ්නවල ගැටී ගැටී ඉන්නවට වඩා ඒක හොඳයි.

sheshadriepriyasad 174639951 279528037137627 4258433248954901782 n 768x869 1

දැන් ඔබ ජීවිතයට ලැබිලා තිබෙන දේවල් ගැන සතුටින්ද ඉන්නේ?

සතුටින් කිව්වොත් ඒ කියන්නේ අපිට දුකක් නෑ කියන එකනේ. මම දැන් හැම දෙයක් ගැනම සමබරව හිතනවා. මගේ ජීවිතය ගැන මට තෘප්තියක් නැතුව නෙවෙයි. මම, මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. මොකද එහෙම තියාගෙන හිටපු බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැති නිසා. කරන දේ සතුටින් කරනවා. එහෙම ඉන්නකොට ජීවිතය පහසුයි.

ඔබෙයි ක්‍රිෂාන්ගෙයි විවාහය ළඟදීම සිද්ධ වෙයිද?

විවාහ වෙන්න ඕනේ. අපි දෙන්නා ටිකක් කාර්යබහුලයි. වැඩ කටයුතු සහ කොවිඩ් ප්‍රශ්නයත් තවම ඉවර නැති නිසා විවාහයට තවම දිනයක් තීරණය කළේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ – අරුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27