හෙට ඇල්පිටියේ ඡන්දයට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙනවා.

ඊට අවශ්‍ය කරන මැතිවරණ තේරීම් භාර නිලධාරීන්, ඡන්ද පත්‍රිකා සහ සෙසු බඩුබාහිරාදිය අද (25) ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දෙන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් මෙවර ඇල්පිටිය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිත කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරීක්ෂණ කටයුතු සඳහා තම නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08