UPDATE :-විස්තාරා ගුවන් යානයේ බෝම්බ බියක් නෑ – හදිසි පරීක්ෂාව අවසන්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දීය ‘විස්තාරා’ ගුවන් සේවයේ යානය තුළ බෝම්බ ඇති බවට, එරට විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයේ X ගිණුම වෙත ලැබී තිබූ පණිවිඩයක් මත, කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමෙන් අනතුරුව, එම ගුවන් යානය පූර්ණ හදිසි ගොඩ බැස්සවීමකට ( Full Emergency Landing ) අද (24) දින පස්වරුවේ ලක් කිරීමට පියවර ගැනුණා.

ඒ අනුව අද පස්වරු 02.56 ට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 130 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සීමටයි කටයුතු කෙරුණේ.

එයාර් බස් වර්ගයේ ඒ.- 320 වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 107 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කරමින් සිටියා.

මෙම ගුවන් යානයේ හදිසි ගොඩ බැස්සවීම සඳහා ගිනි නිවීම් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන්, ගලවා ගැනීමේ සහ සහන සේවකයින් , පුපුරණ ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට පුහුණු කළ සුනඛයන්, පුපුරණ ද්‍රව්‍ය කල් තබා හඳුනාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් භට පිරිසක් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය අසළට රැස් කර සිටියා.

විස්තාරා ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , ගුවන් යානය ධාවන පථයේ කෙළවර වෙත රැගෙන ගොස්, පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා.

ප්‍රථමයෙන් ම ගුවන් යානයේ පැමිණි මගීන් සහ කාර්යය මණ්ඩලය පරීක්ෂා කර පිටතට ගත් අතර, පසුව ගුවන් යානයේ ගමන් මළු සඳහා භාණ්ඩ ගබඩා ප්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරුණු බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අද සවස 05.00ට පමණ වනවිට මෙම ගුවන් යානයේ සියලුම පරීක්ෂා කිරීම් නිමා කර තිබූ අතර, මෙම ගුවන් යානය තුළ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමුනොවූ බව ගුවන් තොටුපොළ ප්‍රකාශකවරයෙකු පැවසුවා.

මෙම ගුවන් යානය තුළ ඉකුත් 19 වැනි දින ද බෝම්බ ඇති බවට, කටුනායක ගුවන් තොටුපොළ වෙත තොරතුරු වාර්තා වීමත් සමගම, මේ ආකාරයටම, මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමකට ලක් කළ අතර ඉන්දීය ගුවන් සේවා සමාගම් සියල්ලටම මේ ආකාරයට බෝම්බ තර්ජන එල්ල වෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40