නොවැම්බර් 07 තෙක් ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝගයක්

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. මිහාර් මහතාට අපහාස වන ආකාරයේ වදන් සහිත පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ජයරත්නම් මහතා ලබන 07 වැනිදා දක්වා අත් අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරාණය අද (24) වැඩබලන පොලිස්පතිවරයාට සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉදිරි පැය 48ක කාලය ඇතුළත කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ශ්‍රී රංගා මහතාට නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය තමන්ව අත් අඩංගුවට ගැනීමට වෑයම් දරන බවත් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරනා ලෙසත් ඉල්ලා සිටිමින් ශ්‍රී රංගා මහතා නීතඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍ය රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කොට තිබූ වැඩබලන පොලිස්පතිවරයාට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට හා නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම ලබන නොවැම්බර් 07 වැනිදා කැඳවීමට ද දින නියම කළා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිරාන් ඇන්කමෙල් මහතා සමග ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍ය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08