මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. මිහාර් මහතාට අපහාස වන ආකාරයේ වදන් සහිත පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ජයරත්නම් මහතා ලබන 07 වැනිදා දක්වා අත් අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරාණය අද (24) වැඩබලන පොලිස්පතිවරයාට සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
ඉදිරි පැය 48ක කාලය ඇතුළත කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ශ්‍රී රංගා මහතාට නියෝග කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය තමන්ව අත් අඩංගුවට ගැනීමට වෑයම් දරන බවත් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරනා ලෙසත් ඉල්ලා සිටිමින් ශ්‍රී රංගා මහතා නීතඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍ය රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.