AFC Banner
Empty Ad
Empty Ad

මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු හදිසියේ මියයයි

යාපනයෙන් ඉදිරිපත් වූ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු
මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ
අපෙක්ෂක්යෙකු හට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23) ඔහු මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය පැවසූ බවයි.

යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන් නමැති අපේක්ෂකයායි මෙලෙස මියගොස් ඇත්තේ.

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තැපැල්
පෙට්ටිය ලකුණින් වැල්වැටිතුරෙයි – උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් හෙතෙම තරග වැදීමට නියමිත ව සිටියා.

කෙසේ වෙතත් දින 4කට පෙර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය අපේක්ෂකයා මීට පෙර වැල්වැටිතුරෙයි නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික
සන්ධානයෙන් තරග වැද නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?