AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත කරන්නාගොඩ ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 667ක්⁣ ගොනු කළ නඩුවේ 14 වන විත්තිකරු ලෙස තමා නම් කිරීම අභියෝගයට ලක්කරමින් ඒ මහතා ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි 28 වැනිදා පුර්ණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දී
විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ අද (23) කැඳවුණු අවස්ථාවේදියි මේ බව තීරණය කෙරුණේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ දී නඩු පවරා තිබෙනවා.

එහිදි නීතිපතිවරයා විසින් අධි චෝදනා 667කින් සමන්විත අධිචෝදනා පත්‍රයේ 14 වන සැකකරු ලෙස නම් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?