AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් T20 පිතිකරණයෙන් හොඳම දසදෙනා අතරට

ජාත්‍යන්තර T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක ස්ථාන 04කින් ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදාළ යාවත්කාලීන කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පැතුම් නිස්සංක 12 වැනි ස්ථානයේ සිට 08 වැනි ස්ථානය දක්වා මුල් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණීමට සිය දක්ෂතාව දක්වා තිබෙනවා.

පැතුම් නිස්සංක T20 තරග 57කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 12ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

මේ අතර කුසල් මෙන්ඩිස් ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 06කින් ඉදිරියට පැමිණ 12 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම ලැයිස්තුවේ මුලසුන ඔස්ට්‍රෙලියාවේ ට්‍රාවිස් හෙඩ් හටයි හිමිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?