කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස් වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා මේ වනවිට (23) වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

දිනය පුරාම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත ව තිබූ දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය හෝ මෙතෙක් උරගා බැලීමටයි නොහැකිව ඇත්තේ.

තරගය අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙසට ආරම්භ වීමට නියමිතව තිබුණා.

මෙම තරගාවලිය එක්දින තරග 03කින් යුක්තයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු එක්දින තරගය ජය ගත්තා.

ඒ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුකූලව කඩුලු 05කින්.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට කොදෙව් දේශයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලියක පහස විඳ දරා ගැනීමට අවස්ථාව හිමිවීමයි.

කොදෙව්වන් කෙසේ හෝ අද තරගය ජයගත යුත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන එක්දින තරගාවලි ජය තවදුරටත් සීමා කර සම මට්ටමේ ජයක් බවට පත් කරගැනීම සඳහායි.

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව්වන් මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත්තේ තරග 33ක ම ජය තමන් සතු කරගනිමින්.

කොදෙව්වන් තරග 31ක් දිනා තිබෙනවා.

තවත් තරග 03ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරග 14ක් ජයගෙන ඇති අතර කොදෙව්වන් දිනා ඇත්තේ තරග 08ක් පමණක් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37