මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් (වීඩියෝ)

ගාල්ල මුහුදු තීරයේ ටෝලර් යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 146 ක් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 17 දෙනෙකුගෙන් වරද පිළිගත් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා අද (23) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා.

මෙම පිරිස ධීවරයන් ලෙස වෙස්වලාගෙන ටෝලර් යාඥාවක් මගින් ගාලු මුහුද තීරයේ හික්කඩුව දක්වා මෙම හෙරොයින් ද රැගෙන ගමන් කරමින් සිටියදී 2016/03/26 වෙනි දින මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නාවික හමුදාව හා එක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම විත්තිකරුවන්ගෙන් ඉතිරි හත්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මෙම හත්දෙනා අතර පකිස්තාන් ජාතිකයකු ද සිංගප්පූරු ජාතකයකු ද සිටින බවයි පැවසෙන්නේ.

වර්ෂ 2016 සිට පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම නියෝගය ලබා දුන්නා.

ඉරාන ජාතිකයන්ට මෙම නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එම තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයන් ද අධිකරණයට පැමිණ අදාළ නියෝගය කියවා තේරුම් කරදෙනු ලැබුවා.

මනේෂ් වෑවිට, කපිල වෛද්‍යරත්න, ප්‍රශාද් චතුරංග,බුද්ධික ජයකොඩි, යශස් සෝවිස් යන නීතිඥ මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ යූ.ආර් .ද සිල්වා මහතා ඉරාන ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටියා.

හෙරොයින් කිලෝග්‍රෑම් 48 ,ග්‍රෑම් 588,මිලිග්‍රෑම් 146ක්, ළඟ තබාගෙන ජාවාරම් කළේ යැයි මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34