AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු කරන්න අධිකරණය අවසර දෙයි

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

එම පෙත්සම අද (22) එස් තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ ,ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම අවසරය හිමිව ඇත්තේ.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය ලබා දී තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොම්පඤ්ඤවීදිය හා කුරුඳුවත්ත පොලිසිවල ස්ථානාධිපතිවරු ඇතුලු පිරිසක් නම් කර තිබීම ද විශේෂත්වයක්.

පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි 17 වැනිදාට දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?