AFC Banner
Empty Ad
Empty Ad

නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශ කෙරේ

කොළඹ වරායේ නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

එමෙන්ම එකී බහළු පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබෙනවා.

කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබා දී ඇති බව සඳහන්.

එම කරුණු ද සැලකිල්ලට ගනිමින් නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් මුදල් විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?