විලියම්සන්ගේ ආබාධය දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි කරයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන කේන් විලියම්සන්ට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

කිවි කළමනාකාරීත්වය නිවේදනය කළේ; විලියම්සන් ඉකිලි ආබාධයකින් පෙළෙමින් ඇති බවත්; තෙවැනි ටෙස්ට් තරගය වන විට ඔහු සම්පූර්ණ සුව අතට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

එබැවින් ඉන්දියාවට එරෙහිව අනිද්දා (24) පෙරවරු 9.30ට පූනේ හිදී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන අතර ඊට විලියම්සන් එක්වනු ඇති.

විලියම්සන් පසුගිය මාසයේ ශ්‍රී ලංකා සංචාරයේ දී ආබාධයකට ලක්වීමෙන් පසු නවසීලන්ත සංචිතය සමග ඉන්දියාවට නොපැමිණි අතර ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු තවදුරටත් සිදු වන්නේ සිය මව්බිමේදීයි.

නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පැවසුවේ, “අපි කේන් නිරීක්ෂණය කරමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය මට්ටම යහපත් මට්ටමට ගමන් කරමින් තිබෙනවා. නමුත් තවමත් 100% යෝග්‍යතාවක් නැහැ. ඉදිරි දිනවලදී තවදුරටත් දියුණුවක් දැකීමට සහ තුන්වන ටෙස්ට් තරගය සඳහා ඔහුව එක් කරගැනීමට අපි බලාපොරොත්තු වනවා..” යනුවෙන්.

ඉන්දියාවේ පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගත් නවසීලන්තය ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින අතර දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු පුහුණු සැසිය ද අද (22) පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18