AFC Banner
Empty Ad
Empty Ad

රතු පාට නිල් පාට වී නව මුහුණුවරක් ගත් පාස්පෝට් එක

මාස කිහිපයක සිට පැවති අර්බුධය සහ හිඟය අවසන් කරමින් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඊයේ (21) දිනයේ සිට රජය කටයුතු කළා.

ඒ, අනුව මෙතෙක් පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් කිහිපයක් ඊයේ දිනයේ සිට නිකුත් කිරීම ඇරඹු විදේශ ගමන් බලපත්‍රයට එක්කර තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය ද වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර මෙතෙක් පැවති රතු පැහැය වෙනුවට නිල් පැහැයෙන් යුක්ත වනවා.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර, නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48 කින් සමන්විත වනවා,

මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන් වන අතර නව බලපත්‍රයේ P අංක භාවිත කර තිබෙනවා.

ඊට අමතරව නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතවීම ද විශේෂත්වයක්.

එම බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේ දී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?