රතු පාට නිල් පාට වී නව මුහුණුවරක් ගත් පාස්පෝට් එක

මාස කිහිපයක සිට පැවති අර්බුධය සහ හිඟය අවසන් කරමින් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඊයේ (21) දිනයේ සිට රජය කටයුතු කළා.

ඒ, අනුව මෙතෙක් පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් කිහිපයක් ඊයේ දිනයේ සිට නිකුත් කිරීම ඇරඹු විදේශ ගමන් බලපත්‍රයට එක්කර තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය ද වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර මෙතෙක් පැවති රතු පැහැය වෙනුවට නිල් පැහැයෙන් යුක්ත වනවා.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර, නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48 කින් සමන්විත වනවා.

මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන් වන අතර නව බලපත්‍රයේ P අංක භාවිත කර තිබෙනවා.

ඊට අමතරව නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතවීම ද විශේෂත්වයක්.

එම බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේ දී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27