කොන්ක්‍රීට් තට්ටුවක් හිසට ඇද වැටී පුද්ගලයෙක් මරුට

අකුරැස්සේ වෙළෙඳසැලක පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙක් බිත්තියකට යටවී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර අද (21) පස්වරුවේ සිදු ව ඇති බවයි.

මරණකරු එම ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටියදී දෙවන මහලේ කොන්ක්‍රිට් තට්ටුවක් පඩිපෙළ මතට ඇදවැටී බිත්තියකට ද යට වී හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පැරණි ගොඩනැගිලි ඉවත් කිරීමේ කුලී රැකියාවක නිරතවෙමින් සිටි බව කියන මාතර, වැවෑහමන්දූව, කදිරත්තහේන ලිපිනයේ පදිංචිව 54 හැවිරිදි හේවාබැට්ටගේ රජිත් ප්‍රියන්ත නමැති සිව්දරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11

?