කොන්ක්‍රීට් තට්ටුවක් හිසට ඇද වැටී පුද්ගලයෙක් මරුට

අකුරැස්සේ වෙළෙඳසැලක පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙක් බිත්තියකට යටවී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර අද (21) පස්වරුවේ සිදු ව ඇති බවයි.

මරණකරු එම ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටියදී දෙවන මහලේ කොන්ක්‍රිට් තට්ටුවක් පඩිපෙළ මතට ඇදවැටී බිත්තියකට ද යට වී හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පැරණි ගොඩනැගිලි ඉවත් කිරීමේ කුලී රැකියාවක නිරතවෙමින් සිටි බව කියන මාතර, වැවෑහමන්දූව, කදිරත්තහේන ලිපිනයේ පදිංචිව 54 හැවිරිදි හේවාබැට්ටගේ රජිත් ප්‍රියන්ත නමැති සිව්දරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34