AFC Banner
Empty Ad
Empty Ad

මහින්දගේ වාහන තුනක් යළි රජයට භාරදෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහා රජය විසින් ලබා දී තිබූ වාහනවලින් වාහන තුනක් අද (21) යළි භාර දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට එම වාහන ගෙනවිත් භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

වෑන් රථයක්, කැබ් රථයක් සහ ගිලන් රථයක් එලෙස භාර දුන් වාහනවලට අයත්.

හිටපු ජනධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ භාවිතය සඳහා රජයෙන් ලබා දී ඇති වාහන සම්බන්ධයෙන් පසුගිය දා සමාජයේ දැඩි කතා බහක් මතුවුණා.

ඒ, එම වාහනවලින් කොටසක් යළි රජයට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබූ දැනුම්දීමකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?