ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09 කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුම් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව ඔවුන් පැමිණි වාහනය අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙස අදාළ පාර්ශවයන් වෙතට දැනුම් දී ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ සම්බධයෙන් විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවත්, එහිදී ඇතැම් ස්ථාන මගින් මුදල් ලබාදීම් සිදුකර ඇති බවත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් සැලසුම් සහගත ලෙස මෙම ඇමතුම් ලබා දී මෙම මුදල් වංචා සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදි බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම ක්‍රියාව ඉතා සංවිධානාත්මකව සිදුකරන බවත් එම වංචාකරුවන් බොහෝවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කෙසේ හෝ එම ආපදාවට ලක්වූ බවට සඳහන් පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත්, මෙම වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15