AFC Banner
Empty Ad
Empty Ad

මාතර – නාවිමන වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ දී පසුගිය 15 වනදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 පුද්ගලයෙක් සහ අම්බලන්තොට තොටමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 26ක පුදගලයා අපරාධය සිදු කිරීමට අදාළව ඔත්තු බලා ඇති අතර, අවුරුදු 29ක සැකකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව රථය පදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 15 වනදා පස්වරුවේ මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ වෙඩිතබා ඝාතනය කර තිබුණා.

එහිදී ඝාතනයට ලක්ව තිබුණේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?