AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට තග දැමූ දෙදෙනෙක් තැන් දෙකක දී අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දැමූ යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මදුරාගොඩ පොලිසිය විසින් මෙම පුදගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි අයෙක්.

35 හැවිරිදි මෙම පුද්ගලයා බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී මෙලෙස පොලිස් නිලධාරියාට පහර දී තිබෙනවා.

මේ අතර රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයකු නාවුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාඋල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

ආරක්‍ෂිත හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව නවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී එම පුදගලයා එය වීඩියෝ ගත කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?