AFC Banner
Empty Ad
Empty Ad

වසර 36කට පසු කිවියන්ට භාරතයේ දී ටෙස්ට් ජයක්

ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළ දී වසර 36කට පසු ටෙස්ට් තරගයක් ජයගන්නට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.

ඒ, දෙරට අතර බැංගලූරු හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් ජය ගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය පිළේ පළමු ඉනිම ලකුණු 46කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 402ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 134ක් රැස්කරමින් නවසීලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීම සටන අරඹමින් ඉන්දියාව සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් සිය දෙවන ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 462ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් සර්ෆරාස් ඛාන් ලකුණු 150ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 999ක් රැස් කරමින් සිය දායකතය ලබා දුන්නා.

ඒ, අනුව නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 107ක් .

එම ඉලක්කය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී කඩුලු 02ක් පමණක් දැවී සපුරාගත් නවසීලන්තය දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?