වසර 36කට පසු කිවියන්ට භාරතයේ දී ටෙස්ට් ජයක්

ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළ දී වසර 36කට පසු ටෙස්ට් තරගයක් ජයගන්නට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.

ඒ, දෙරට අතර බැංගලූරු හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් ජය ගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය පිළේ පළමු ඉනිම ලකුණු 46කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 402ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 134ක් රැස්කරමින් නවසීලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීම සටන අරඹමින් ඉන්දියාව සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් සිය දෙවන ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 462ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් සර්ෆරාස් ඛාන් ලකුණු 150ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 99ක් රැස් කරමින් සිය දායකතය ලබා දුන්නා.

ඒ, අනුව නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 107ක් .

එම ඉලක්කය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී කඩුලු 02ක් පමණක් දැවී සපුරාගත් නවසීලන්තය දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15